How to register an export business in Sri Lanka ? භාන්ඩ අපනයනය කිරීමට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද ?

How to register an export business in Sri Lanka ? භාන්ඩ අපනයනය කිරීමට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද ?

How to Register an Export Business in Sri Lanka ? භාන්ඩ අපනයනය කිරීමට ව්යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද ?

අපි අද කතා කරන්නෙ භාන්ඩ විදේශයකට අපනයනය සඳහා ඉඩ ලැබෙන පරිදි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියල.

මෙතනදි අපි ප්‍රධාන වශයෙන් ලියාපදිංචි වීම් හතරක් කරන්න ඕනෙ. මේ හතර තමයි 1-ව්‍යාපාරය ලියා පදිංචිය, 2-ආදායම් බදු සඳහා ලියපදිංචිය, 3-අගය එකතුකල බද්ද සඳහා ලියාපදිංචිය සහ 4-රේගුවේ ලියාපදිංචිය.

අපි දැන් බලමු මේ එක් එක් ලියාපදිංචීන් සහ ලියාපදිංචීන් කරගැනීමට කවුරුන් සම්භන්ධ කරගන්න ඕනෙද කියල.

 

1-ව්‍යාපාර ලියාපදිංචිය. BR

මේකෙදි අපිට තනිපුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් ලෙස අපගේ අවශ්‍යතාවය අනුව ලියාපදිංචි කරගත හැකියි. ඔබ මුලින්ම අපනයනය පටන් ගන්න කෙනෙක් නම් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය තමයි ගොඩක්ම ගැලපෙන්නෙ. මේක කරන්නෙ තමන්ගෙ පදිංචි ග්‍රාමසේවා වසම අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන්. එතනින් ඔබට අයදුම්පතක් ලබාගත හැකියි. ඊට පස්සෙ එහි සඳහන් උපදේස් අනුව සහ අවශ්‍ය ලියකියවිලි භාරදීමෙන් ඔබට ලියාපදිංචිය සිදුකරගත හැකියි. බස්නාහිර පලාත සඳහා අයදුම් පත්‍රය සහ ලියාපදිංචියට අවශ්‍ය උපදෙස් මෙන්න මේ ලින්ක් එකෙන් විස්තරාත්මකව බලාගන්න පුලුවන්.

http://bnr.wp.gov.lk/sin/?page_id=714

http://bnr.wp.gov.lk/sin/wp-content/uploads/2019/07/Thani-Pudgala.pdf

ඔබට සමාගමක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍යනම් ලියාපදිංචි සමාගම් ලේඛම් වරයෙක් හරහා එය සිදුකරගත හැකියි. මෙය සිදුකරන ආකාරයත් සඳහා අවශ්‍ය ලියකියවිලිත් මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්

http://www.drc.gov.lk/si/

 

2-ආදායම් බදු සඳහා ලියාපදිංචිය TIN
මේ සඳහා අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අයදුම් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් මේ කටයුත්ත අපිට ලියාපදිංචි සමාගම් ලේඛම් වරයෙකු හෝ ඔබ විසින්ම අයදුම්පත හා ලිපිලේඛන භාරදීමෙන් සිදුකරගත හැකියි. අයදුම්පත හා අවශ්‍ය ලිපිලේඛන මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්

http://www.ird.gov.lk/en/SitePages/FAQs.aspx

http://www.ird.gov.lk/en/publications/Unit%20Profiles_Tax%20Payer%20Service%20Unit/Info_Doc_required_TIN.pdf

 

3-අගය එකතුකල බද්ද සඳහා ලියාපදිංචිය VAT
මේ සඳහාත් අපි අයදුම් කරන්න ඕනෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. මේ සඳහා ඔබට ලියාපදිංචි සමාගම් ලේඛම් වරයෙකුගේ හෝ වාප්පු ලිපිකරුවෙකුගේ සහාය ලබාගන්න පුලුවන්. මෙන්න මේ ලින්ක් එකෙන් තොරතුරු හා අයදුම්පත් තොරතුරු ලබාගන්න පුලුවන්.

http://www.ird.gov.lk/en/SitePages/FAQs.aspx

http://www.ird.gov.lk/en/publications/Unit%20Profiles_Tax%20Payer%20Service%20Unit/Form_App_Temporary_VAT.pdf

 

4-රේගුවේ ලියාපදිංචිය CR

මේ සඳහා ඔබ රේගුවේ අපනයනකරුවෙකු හැටියට ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. මේ කටයුත්ත කරගන්න ඔබට ඔබගේ අපනයනය සඳහා සහය වන වාප්පු ලිපිකරු (Wharf Clerk) හරහා කරගත හැකියි. මේ සඳහා අවශ්‍ය ලියකියවිලි සහ අයදුම්පත්‍රය මෙන්න මේ ලින්ක් වලින් බලාගන්න පුලුවන්.

http://www.customs.gov.lk/public/files/tin/Application_Form_For_The_Registration_Of_Importers_&_Exporters.pdf

දැන් මෙන්න මේ ලියාපදිංචීන් හතර තමයි අවශ්‍ය වෙන්නෙ අපනයන ව්‍යාපාරයක් හැටියට භාන්ඩ අපනයනය කරන්න. නමුත් ඔබගේ අපනයන භාන්ඩය අනුව අපනයනය කරන අවස්ථාවේදී විවිද ලියාපදිංචීන් සහ සහතික අවශ්‍ය වෙනව. උදාහරනයක් හැටියට ඔබ පොල් අපනයනය කරනව නම් ඔබට පොල් සංවර්ධන මණ්ඩලයෙ ලියාපදිංචියක් අවශ්‍යයි. නමුත් පොදුවේ ඉහත මම කිව්ව ලියාපදිංචි හතර තමයි අවශ්‍ය වෙන්න ඕනෙම අපනයනයක් සඳහා.

වෙනත් රටවල "එකස්පෝර්ට් ලයිශන්" කියල එකක් තියෙනව. නමුත් ලන්කාවෙ එහෙම එකක් නෑ. අවශ්‍ය වෙන්න ඉහත ලියාපදිංචි කිරීම් හතර.

අපි ඉස්සරහට බලමු එක් එක් විශේශිත භාන්ඩ අනුව අවශ්‍ය වෙන ලියාපදින්චීන් සහ සහතික මොනවද කියල.

 

ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් කරන්න

 

  • user

    Sathini Pathirana

    This is a great work much appreciated

    3 il y a des années

  • user

    Ashan Silva

    Kulubadu walata weshesha dewal thiyanawada danaganna

    3 il y a des années