Pricing Strategies for Products භාන්ඩයක් මිලකිරීමේ උපක්‍රම

Pricing Strategies for Products භාන්ඩයක් මිලකිරීමේ උපක්‍රම

How to price your products in the long run? භාන්ඩයක් මිලකිරීමේ උපක්‍රම මොනවාද?

අද කියන්න යන්නෙ භාන්ඩයක් මිල කිරීමේදී භාවිතා කරන උපක්‍රම. සිල්ක්පෝර්ට්ස් https://silkports.com ගෝලීය වෙළඳපලේ අපනයන ව්‍යාපාර පටන් ගන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි.

1-පලවෙනි එක තමයි ක්‍රමක්‍රමයෙන් මිල අඩු කරන උපක්‍රමය, ඒ කියන්නෙ වෙළඳපලේ තමන්ගෙ භාන්ඩයට සමාන භාන්ඩයක් නැත්නම්, ඉහල මිලකට වෙළඳපලට ලෝන්ච් කරල, කාලයත් සමගම තරඟකරුවන් එද්දි භාන්ඩයේ මිල අඩු කරන ක්‍රමය. අපිට මතකයි ඉස්සර ඉන්කමින් වලටත් දුරකතන සමාගම් චාර්ජ් කලා, අන්න ඒ වගෙ ඉඳල තමයි අද වෙනකොට තරඟකාරීත්වවය නිසා අද තියෙන ඉන්කමින් ෆ්‍රී සහ අවුට්ගොයිනුත් මේ මිලට තියෙන්නෙ.

 

2-දෙවැනි උපක්‍රමය තමා ක්‍රම්ක්‍රමයෙන් වැඩි කරන කිරීම. ඒ කියන්නෙ මුලදි නොමිලේ දීල වෙළඳපල අල්ලගත්තට පස්සෙ මිලක් නියම කිරීම. උදාහරනයක් හැටියට අපිට මතකයි ඉක්මන් වගෙ ආයතන ගොඩක් කල් ෆ්‍රී තමයි සියලුම සේවාවන් දුන්නෙ, මේකෙන් මුලු රටේම ලිස්ටින් බිස්නස් එක අල්ලගත්තට පස්සෙ මිලක් නියම කිරීම කරල අද වෙනකොට සියලුම සේවාවන් මුදල් ගෙවීමෙන් පමනයි ලබාගන්න පුලුවන්.

 

3-මීලඟ උපක්‍රමය තමා වෙළඳපල තරඟකාරී මිල කිරීම. දැනට තමන්ගෙ භාන්ඩයට සමාන භාන්ඩ වෙළඳපලේ තියෙනව නම් වෙළඳපලේ මිලට දෙන එක. එතකොට පොඩ්ඩක් විතර කොලිටි එක, පැකින් එක වගෙ වැඩි කරල තරන්ග කරන එක. මේකට උදාහරන ඕනෙ තරම් තියෙනවනෙ.

 

4-මීලඟ උපක්‍රමය තමා අලාභ නායක මිල කිරීම. මේකෙදි වෙන්නෙ තමන්ගෙ භාන්ඩ වලින් එක භාන්ඩයක් කොස්ට් එකටත් අඩුවෙන් දෙන එක. උදාහරනයක් හැටියට තොග කඩයක් කරනව නම් හාල් කොස්ට් එකටම වගෙ දෙනව නම් ගොඩක් අය බඩු ගන්න එන නිසා අනෙක් බඩු විකුනගන්න පුලුවන්.

 

5-අනෙක් උපක්‍රමය තමා මනෝමූලික මිල ක්‍රමය, මේකෙදි වෙන්නෙ මිල තියෙන ප්‍රමානයට වඩාඅඩුවෙන් මිල පේන විදියට මිල කරන එක. හොඳම උදාහරනය තමයි 1000 කියන්නෙ නැතිව 999 කියන එක. මෙතනදි කස්ටමර් ට හිතෙන්නෙ මිල අඩුයි වගෙ.

 

හරි මෙන්න මේ ටික කිව්වෙ ඔයා අලුතින් එක්ස්පෝර්ට්ස් බිස්නස් එකක් පටන් ගන්නව නම් ඔයාගෙ භාන්ඩයට අදාලව මිල උපක්‍රමය හරියට හදාගන්න එක ගොඩක් වැදගත් නිසා.

ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් කරන්න.

  • user

    Loshan indika

    I need to start an export business. Can I let me basically? Thanks

    3 il y a des années