කොහොමද මාකට් එකේ තරඟ කරන්නෙ How to Compete in the Market

කොහොමද මාකට් එකේ තරඟ කරන්නෙ How to Compete in the Market

How to Compete in the Market using cost and differentiation?

මිල සහ වෙනස්කිරීම තුලින් වෙළඳපලේ තරඟකරන්නේ කෙසේද?

අද කියන්න යන්නෙ සිල්ක්පෝර්ට්ස් https://silkports.com එකේ අපනයන ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙකුට භාන්ඩයක් කොහොමද මාකට් එකේ තරඟ කරන්නෙ කියල, හරි මේකෙදි ප්‍රධාන වශයෙන් විශයපථ දෙකක තරඟ කරන්න පුලුවන්, පලවෙනි එක තමා මාස් මාකට් එකේ තරඟ කිරීම, ඒ කියන්නෙ එලවලු කියන මාකට් එක උදාහරනයක් හැටියට අනික තමා නිශ් මාකට් එකක තරඟ කිරීම, උදාහරනයක් හැටියට ඔර්ගනික් මාකට් එකේ. නිශ් එකක් කියන්නෙ එක්තරා විශේෂිත ඉන්ටරෙස්ට්ස් තියෙන කන්සුමර්ස්ල ඉන්න මාකට් වලට. සිල්ක්පෝර්ට්ස් එකෙත් ඉන්නව මාස් සහ නිශ් තරඟකරන සැපයුම්කරුවන්.

 

හරි එතකොට මේ දෙකෙන්ම තමන්ට තියෙන හැකියාව අනුව ක්‍රම දෙකකට ප්‍රවේශ වෙන්න පුලුවන් පලවෙනි එක තමා කොස්ට් එක අඩුවට දෙන එක, ඒකියන්නෙ තමන්ට අඩු මිලට නිපදවිය හැකි නම් සහ එකම සමාන භාන්ඩයක් නම් විකුනන්නෙ තරඟකරුවන්ට වඩා අඩුවට දෙන එක. උදාහරනයක් හැටියට ඔයා සම්බ හාල් විකුනනව නම් සහ ඔයාට වෙන අයට වඩා අඩු වියදමකින් නිපදවන්න හෝ කල් යාමේදී සහල්වල ඇතිවෙන "අස්වැන්න වැඩියෙන් ගන්න පුලුවන්" වෙන්න ගබඩා තාක්ෂනය තියෙනව නම් ඔයාට මිලෙන් තරඟකලෑකි. මොකද මේකත් එක්ක හැප්පෙන්න එහෙම නැති අයට බෑ. සිල්ක්පොර්ට්ස් එකෙත් ඉන්නව කොස්ට් එකෙන් තරඟ කරන සැපයුම් කරුවන්.

අනිත් ක්‍රමය තමා වෙනස් වෙන එක, ඒ කියන්නෙ භාන්ඩයට වෙනත් ගුනාත්මක ලක්ශන සහ ෆීචර්ස් ඇඩ් කරල තරඟ කරුවන්ට වඩා වෙනස් විදියක භාන්ඩයක් වෙළඳපලට ඉදිරිපත් කරන එක. උදාහරනයක් හැටියට ඔයාට පුලුවන් කුරුඳු විකුනන්නෙ නැතිව කුරුඳු කෑලි කපල හෝ කුඩු කරල පැකට් කරල විකුනන්න හයි කොලිටි වර්ගයක්, දැන් ඕක අනෙක් තඟකරුවන්ගෙ භාන්ඩ වලට වඩා වෙනස් නිසා ඔයාට පුලුවන් මෙ වෙනස තරඟ කරන්න භාවිතා කරන්න. සික්පෝර්ට්ස් එකෙත් ඉන්නව වෙනස් ලක්ශන සහිත භාන්ඩ වලින් තරඟ කරන සැපයුම් කරුවන්

 

ඉතින් ඔය කොස්ට් එක හෝ වෙනස් වීම මාස් මාකට් එක වගෙම නිශ් මාකට් එකකත් භාවිතා කරන්න පුලුවන් නිසා ඔයාට තරඟ කල හැකි ක්‍රම 4ක් තියෙනව. ඔය මැද කොටු 4 තියෙන්නෙ ඒක.

 

මේකෙදි වැදගත් වෙන්නෙ අර අපි කලින් ආටිකල් එකේ කතාකරපු පොසිශන් ඇනෑලිසිස් එකෙන් වගෙ තමන්ගෙ භාන්ඩයට සහ තමන්ගෙ ව්‍යපාරයට තියෙන තත්ත්වය හොයාගෙන වඩාත්ම සුදුසු ක්‍රමයට තරඟ කරන එක.

තියෙන දෙයින් තරඟ කරන්න දිනන්න අපනයන ව්‍යාපාරයක් පටන් ගන්න සිල්ක්පෝර්ට්ස් එකත් එක්ක එකතු වෙන්න

global marketplace https://silkports.com/join-with-us-to-sell