What are International Payment Terms like LC TT ? මොනවද මේ එල් සී LC, ටී ටී TT වගෙ ඉම්පොර්ට් එක්ස්පෝර්ට් අන්තර්ජාතික පේමන්ට් ටර්ම්ස්??

What are International Payment Terms like LC TT ? මොනවද මේ එල් සී LC, ටී ටී TT වගෙ ඉම්පොර්ට් එක්ස්පෝර්ට් අන්තර්ජාතික පේමන්ට් ටර්ම්ස්??

මොනවද මේ එල් සී LC, ටී ටී TT වගෙ ඉම්පොර්ට් එක්ස්පෝර්ට් අන්තර්ජාතික පේමන්ට් ටර්ම්ස්??

හරි දැන් අපි කලින් ආටිකල් එකෙන් ඉගෙනගත්තනෙ ඉන්කො ටර්ම්ස් කියන්නෙ මොනවද කියල (කලින් ආර්ටිකල් එක කියවන්න ). ඉතින් මේ ඉන්කොටර්ම්ස් වලින් මිල කියල අපිට කොටේශන් එකක් ලැබුන කියන්නකො (ඔයා එකස්පොර්ටර් කෙනෙක් නම් ඔයා දුන්න කියන්නකො ), දැන් ඔය කොටේශන් එකේ තියෙන තවත් වැදගත්ම තොරතුරක් තමා මේ එකස්පොර්ට් එකට මුදල් ගෙවන්න ඕන විදිය. මේකට කියන්නෙ "පේමන්ට් ටර්ම්ස්" කියල.

අද අපි බලමු අන්තර් ජාතික වෙලඳාමේදී භාවිතවෙන පේමන්ට් ටර්ම්ස් වර්ග මොනවද සහෙ ඒ එකිනෙක භාවිතා කරන්න ඕනෙ මොන අවස්ථාවලදිද වගෙම ඒ එකිනෙකේ තියෙන එක්ස්පෝටර්ට මුදල් නොලැබීයමේ රිස්ක් එක කොච්චරක් වෙනවද කියල.

1-"කන්සයිමන්ට්" ක්‍රමය Consignment Method

ඒ කියන්නෙ ඔයා භාන්ඩ යවන්නෙ විකිනුනාම මුදල් ගෙවන්න කියන පදනමට. මේක වෙන්නෙ ගොඩක්ම එකස්පෝටර් ගෙ ඒජන්ට් කෙනෙක් වෙනත් රටක ඉන්නකොට. එතකොට ඒ ඒජන්ට් කස්ටමර් කෙනෙක් හොයල භාන්ඩයක් විකිනුනාම තමයි භාන්ඩයේ මුදල් ගෙවන්න.

ඉතින් මේ ක්‍රමය භාවිතාඅ කරන්නෙ "ඒජන්ට්" කෙනෙක් එහෙම නැත්නම් හොඳටම කාලයක් දන්න ඉම්පොර්ටර් එකස්පෝටර් ල අතර. මේකෙදි එක්ස්පෝටර් ට මුදල් නොලැබීයමේඅ රිස්ක් එක ගොඩක් ම වැඩියි.

2-"ඕපන් අකවුන්ට්" ක්‍රමය Open Accounts Method

මේකෙදි වෙනෙ ඔයා භාන්ඩ එකස්පොර්ට් කරන්නෙ කලින් එකඟවුනු දින 30, 60, 90 වගෙ කාලයකදි මුදල් ගෙවන්න කියන නය පදනමට.

මේකත් වෙන්නෙ ගොඩක්ම කාලයක් එකට ගනුදෙනු කරන, එහෙමත් නත්නම් තමන්ගෙම පිටරටක තියෙන උප සමාගමක් එක්ක. මේ ක්‍රමයෙදිත් මුදල් නොලැබීයාමේ රිස්ක් එක ගොඩක්ම වැඩියි.

3-"ඩොකුයුමෙන්ටරි කලෙක්ශන්" ක්‍රමය Documentary Collection method (DP/DA)

මේකෙදි වෙන්නෙ ආනයන කරුගෙ බැන්කුව විසින් අපනයන කරුවෙත මුදල් එකතු කරගැනීමේ ඒජන්ට් හැටියට කටයුතු කිරීමක්.

ඒ කියන්නෙ එකස්පෝටර් භාන්ඩ ශිප් කලාටපස්සේ (ඒකියන්නෙ නැවට පැටෙව්වට පස්සේ) බිල් ඔෆ් ලේඩින් එකයි, කොමර්ශියල් ඉන්වොයිස් එකයි, පැකින් ලිස්ට් එකයි, තව භාන්ඩයට අදාල විශේශ ඩොකුමන්ට්සුයු මෙන්න මේ වගෙ ඔරිජිනල් ඩොකියුමෙන්ට් ටික ආනයන කරුට යැව්වෙ නැත්නම් ආනයන කරුට බඩු ටික වරායෙන් ක්ලියර් කරගන්න බෑ. මෙතනදි වෙන්නෙ අපනයන කරු මේ ඩොකුමෙන්ට් ටික යවන්නෙ ආනයන කරුගෙ බැන්කුවට. එතකොට ඒ බැන්කුව අනයන කරුගෙන් ලියවිල්ලක අත්සන් කරගන්නව මුදල් ගෙවනව කියල. ඒ ඩොකුමන්ට් එකට කියන්නෙ "ඩ්‍රාෆ්ට්" එක කියල. මේකෙදිත් මුදල් එවෙලෙම ගෙවන්න ඕනෙ (Documents on Payments-DP) හෝ මුදල් පසුව ගෙවන්න ඕනෙ (Documents on Acceptance-DA) වගෙ ක්‍රම දෙකකට මේ ඩොකුමෙන්ටරි කලෙක්ශන් වෙනව.

මේවගෙ ගනුදෙනුවකත් මුදල් නොලැබීයාමේ රිස්ක් එක වැඩියි. ආනයන කරු මුදල් ගෙව්වෙ නැත්නම් බැන්කුවට කරන්න පුලුවන් දෙයක් නෑ. පසුව මුදල් ගෙවන ක්‍රමයට ඩ්‍රාෆ්ට් එක අත්සන් කරල බඩු බඩු ටික ආනයන කරු ගත්තට පස්සෙ මුදල් නොගෙව්වොත් ඒ බැන්කුව අපිට මුදල් ගෙවන්න බැඳිල නෑ.

ඉතින් මේකත් කරන්න ඕනෙ හොඳටම දන්නා අය අතර විතරයි.

4-"එල් සී" (ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්) ක්‍රමය. Letter of Credit Method

මේ ක්‍රමය තමා ඉන්ටර්නැශනල් ට්‍රේඩ් එකේදි ජනප්‍රියම ක්‍රමය. මොකඩ ඉන්ටර්නැශනල් ට්‍රේඩ් එකේදි අපනයන කරුයි, ආනයන කරුයි නොහඳුනන අය වීම තමයි ගොඩක් වෙලාවට වෙනෙ. මෙන්න මේ දේට හොඳ විසඳුමක් තමා එල් සී එකෙන් දෙන්නෙ.

එල්සී එකක් ඕපන් කරන්නෙ ඉම්පොර්ටර්. ඒකෙදි බෙනෙෆිශියරි ඒ කියන්නෙ අවසාන මුදල් ලැබිය යුතු කෙනා හැටියට දාන්නෙ එක්ස්පොර්ටර් ව. මේකෙදි වෙන්නෙ ඉම්පොර්ටර් ගෙ බෑන්ක් එක එකස්පොර්ටර් ගෙ බෑන්ක් එක හරහා එකස්පොර්ටර් ට මුදල් ගෙවන බවට සහතික වෙනව. හැබැයි මුදල් ගෙවන්නෙ එල් සී එකේ තියෙන කන්ඩිශන් එකස්පෝටර් සම්පූර්න කලාට පස්සෙ. ඒ කන්ඩිශන් තමා ඔරිජිනල් ඩොකුමෙන්ට් එකස්පොර්ටර් ගෙ බෑන්ක් එක හරහා, ඉම්පොර්ටර් ගෙ බෑන්ක් එකට එවන්න ඕනෙ කියන එක. මේකෙදි ඉම්පොර්ටර්ගෙ බෑන්ක් එක මුදල් ගෙවන බවට 100% සහතික වෙනව. ඉතින් අපි බඩු ශිප් කලාට පස්සෙ බිල් ඔෆ් ලේඩින් එකයි, කොමර්ශියල් ඉන්වොයිස් එකයි, පැකින් ලිස්ට් එකයි, තව භාන්ඩයට අදාල විශේශ ඩොකුමන්ට්සුයු මෙන්න මේ වගෙ ඔරිජිනල් ඩොකියුමෙන්ට් ටික එකස්පොර්ටර් ගෙ බෑන්ක් එක හරහා ඉම්පොර්ටර් ගෙ බෑන්ක් එකට යවපු ගමන් එකස්පොර්ටර්ගෙ බෑන්ක් එකවුන් එකට මුදල් වැටෙනව.

එල් සී වලදි තවත් කරුනු දෙකක් වැදගත්. එකක් තමා " ඉර්‍රිවෝකබල් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්" කියන්නෙ. මේ ක්‍රමයෙ එල් සී එකක් නම් ඒක කොහොමටවත් ආනයන කරුට කැන්සල් කරන්න බෑ.

අනික තමා කන්ෆමේශන් කියන එක. එක්ස්පොර්ටර් ට එල් සී එකක් යැව්වම එක්ස්පොර්ටර් ට කියන්න පුලුවන් එකස්පොර්ටර් ගෙ බැන්කුවට "කන්ෆර්ම්" කරන්න කියල. එතකොට එකස්පොර්ටර්ගෙ බැන්කුව " එල් සී එක කන්ෆර්ම්" කරනව. මෙතනදි වෙන්නෙ ඉම්පොර්ටර් ට කිසිම සන්ශෝදනයක් කරන්න බෑ එල් සී එකට අපනයන කරුගෙ කැමැත්ත නැතිව.

එතකොට " ඉරීවෝකබල් කන්ෆර්ම්ඩ් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් " එකක් කියන්නෙ සල්ලි වගෙ තමා. අපනයන කරුට "ට්‍රස්ට් රිසිප්ට් ලෝන්" එකක්, ඒකියන්නෙ බඩු නැවට පටවනකන් පොඩි ලෝඅන් එකක් වුනත් බැන්කුවකින් දෙනව ඒ වගෙ එල් සී එකක් ආවම.

5-"ඇඩ්වාන්ස් පේමන්ට්" ක්‍රමය. Advance Payment Method

මෙතනදි වෙන්නෙ ඔක්කොටම කලින් එක්ස්පෝටර් ට මුදල් ගෙවන එක. ඒ කියන්නෙ එකස්පොර්ටර් ට අයෙ කිසිම ගැටලුවක් නෑ මුදල් කලින් ම ලැබිල තියෙන්නෙ.

දැන් ඔන්න ඔය ප්‍රධාන ක්‍රම 5 තමා ඔයාට ලැබෙන (නැත්නම් ඔයා දෙනා කොටේශන් එකේ "පේමන්ට් ටර්ම්ස්" වල තියෙන්නෙ. ඒ කොටේශන් එකට අපි කියන්නෙ " ප්‍රොෆෝර්මා ඉන්වොයිස්" කියල්ල.

පොඩ්ඩක් ඉන්න...... එතකොට මොකද්ද මේ "ටී ටී" "T/T" කියන්නෙ????

හරි ටී ටී කියන එකයි ඉම්පොර්ට් එකස්පොර්ට් එකයි එකට පටලව ගන්න ඕනෙ නෑ. අපි මොන විදියකින් හරි බැන්කුවක් හරහා වෙනත් රටක කෙනෙක් ගෙ බෑන්කි අකවුන්ට් එකකට මුදල් යවනව නම් අපි අපේ බැන්කුවට ගිහින් කිව්වම සල්ලි යවන්නෙ "ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆෙර්" "ටී ටී" හරහ තමා.

ඉතින් ගොඩක් පේමන්ට් ටර්ම්ස් වල තියෙනව "ඇඩ්වාන්ස් 30% ඉතිරිය එල් සී" කියල

ඒ කියන්නෙ 30% මුලින්ම ටී ටී කරනව. ඉතිරි 70% ට ඉම්පොර්ටර් එල් සී එකක් ඕපන් කරනව.

ඔන්න ඔහොමයි සරලව කියනව නම්.

ප්‍රශ්න තියෙනව නම් කමෙන්ට් කරන්න.

  • user

    Ravi

    very useful information for people who involve in foreign trade. Thanks www.wonlikitchens,com

    3 Yıllar önce

  • user

    E.A.Sumith Priyadarshana

    How to find a foreign buyer for food products of Conjee Powder

    3 Yıllar önce